Showing posts with label # The beginning of the scout movement # # scout# # ලෝක බාලදක්ෂ ව්‍යාපාරයේ ආරම්භය#. Show all posts
Showing posts with label # The beginning of the scout movement # # scout# # ලෝක බාලදක්ෂ ව්‍යාපාරයේ ආරම්භය#. Show all posts

Saturday, March 13, 2021

ලෝක බාලදක්ෂ ව්‍යාපාරයේ ආරම්භය

          ලෝක බාලදක්ෂ  ‍                    ව්‍යාපාරයේ  ආරම්භය


         


බාලදක්ෂ ව්‍යාපාරය බාලයා  ජීවිත ගමනට උචිත ලෙස සකස් කරනු ලබන අභ්‍යාස ක්‍රමයකි. ප්‍රසන්න,පහසු,ගමනක් සඳහා යමෙකුට ශාරීරිකව, මානසික ව, අධ්‍යාත්මික ශක්තිය ලබා දීමට අවශ්‍ය සෑම ගුණාංගයක් ම බාලදක්ෂයා සතු ය.

රොබට් බේඩ්න් පවුල් / බී.පී තුමා


බාලදක්ෂ ව්‍යාපාරය ආරම්භ කරනු ලැබුවේ බ්‍රිතාන්‍යය හමුදාවේ ලුතිනන් ජෙනරාල් වරයෙකු වූ රොබට් බේඩ්න් පවල් විසිනි. ඉතා දක්ෂ සටන් මෙහෙයවන්නෙකු වු  බේඩ්න් පවල් ලෝකය
පුරා ප්‍රකට වූයේ දකුණු අප්‍රිකාවේ මැෆ්කින්් නගරය සතුරන්ගේ මුදා ගැනීමේ දී කළ පරිත්‍යාග හා ඇප කැපවීම් නිසාය. විශේෂයෙන් මේ නිසා ඔහු ළමයින් අතර  ජනප්‍රිය චරිතයක් බවට පත් විය.තමා විසින් යුධ බිමේදී ලැබු අත්දැකීම් අනුව ඔහු විසින් ලියන ලද වැඩිහිටියන් සඳහා වූ බාලදක්ෂ කටයුතු සඳහා උපදෙස් ග්‍රන්ථය ද ළමයින් අතර ජනප්‍රිය වී තිබුණි. මේ ජනප්‍රියත්වය මත ළමයින් වෙනුවෙන් යමක් කිරීමට ඔහුට වුවමනා විය. 

 
ඉන්දියාවේ සහ දකුණු අප්‍රිකාවේ යුධ බිම්වල සේවය කරද්දී තමා ලද අත්දැකීම් උපයෝගී කොට නව ව්‍යාපාරයක් ආරම්භ කිරීමට පවල්ට අවශ්‍ය විය. එහි ප්‍රතිඵලයක් ලෙස 1907 දී ලොව  පළමු බාලදක්ෂ කඳවුර ඉංග්‍රීසි ඕඩයේ බ්‍රවුන්සි දුපතේ දී පවත්වන්නට ඔහුට හැකි විය.පසුව බාලදක්ෂ විද්‍යාව පිළිබඳ ඔහු රචනා කළ ග්‍රන්ථ හේතුවෙන් ලොව බොහෝ රටවල බාලදක්ෂ සංගම් ආරම්භ විය. බාලදක්ෂ ව්‍යාපාරය ලොව පුරා පැතිර යත්ම හමුදා සේවයෙන් ඉවත් වූ බේඩ්න් පවුල් සිය ජිවිතය ඒ වෙනුවෙන් ම කැප කළේය.

ෝක බාලදක්ෂ ඉතිහාසයේ පිය සටහන් අතර,

  • 1907 දී පිරිමි ළමුන් 20 දෙනෙකු සඳහා අත්හදා බැලීමේ කඳවුරක් එංගලන්තයේ බ්‍රවුන්සි දුපතේ දී පැවැත්වීම.
  • 1908 බාලදක්ෂ විද්‍යාව නම් වු ග්‍රන්ථය බේඩන් පවුල් තුමා විසින් රචනා කිරීම.

"බාලදක්ෂ විද්‍යාව" ග්‍රන්ථය

  • 19010 එංගලන්තයේ පළිඟු මාළිගයේ දී ලොව පළමු බාලදක්ෂ රැළිය පැවැත්වීම.
  • 1910 දී බේඩ්න් පවුල් තුමා හමුදා සේවයෙන් ඉවත් වූ බාලදක්ෂ සේවය වෙනුවෙන් ම කැප වීම.
  • 1910 වසරේ දී බාලදක්ෂිකා ව්‍යාපාරය නිල වශයෙන් ආරම්භ කිරීම.
  • 1912 ඔලේව් සෙන්ට් ක්ලෙයාර් සෝමස් මෙනෙවිය හා බි.පී.තුමා විවාහ වීම.
  • 1916 වෘක පෝතක අත්පොත නම් වු පෝතක බාලදක්ෂ ග්‍රන්ථය ප්‍රකාශයට පත්කිරීම සහ වෘක පෝතක අංශය ආරම්භ වීම.
  • 1918 මානවක බාලදක්ෂ අංශය ආරම්භ කිරීම.
  • 1919 බාලදක්ෂ නායක උසස් පුහුණුව සඳහා ලන්ඩනයේ ගිල්වෙල් උද්‍යානය පරිත්‍යාගයක් වශයෙන් ලබා ගැනීම.
  • 1920 පළමුවන ලෝක ජම්බෝරිය ලන්ඩනයේ ඔලිම්පියාහි දී පැවැත්වීම සහ බි.පී.තුමා ලෝකයේ ප්‍රධාන බාලදක්ෂයා ලෙස නම් කිරීම. 


  • ලෝක බාලදක්ෂ මණ්ඩලය ( බියුරෝව )  ලන්ඩන් නුවර ආරම්භ කිරීම.
  • 1922   ලෝක බාලදක්ෂ පිරිස එක් ලක්ෂදහනමදාහක් ඉක්මවීම.
  • 1924 දී දෙවන ලෝක බාලදක්ෂ ජම්බෝරිය ඩෙන්මාර්කයේ දී පැවැත්වීම.
  • 1925 ලෝක ප්‍රකට බාලදක්ෂ පුහුණු මධ්‍යස්ථානයක් වන  කැන්ඩර්ස්ටැග් කඳවුර ස්විස්ටර්ලන්තයේ දී පිහිටු වීම.
  • 1929 බේඩ්න් පවල්  නායකතුමා ගිල්වෙල්හි සාමි තනතුරකින් ගරු බුහුමන් ලැබීම.
  • 1929 තුන්වන ලෝක බාලදක්ෂ ජම්බෝරිය ලන්ඩනයේ බර්කෙන්හෙඩ් හිදී පැවැත්වීම. එහිදී බේඩ්න් පවල් සාමි තුමා ගිල්වෙල්හි බේඩ්න් පවල් සාමි යනුවෙන් සාමි පදවියෙන් පිදුම් ලැබීම.
  • 1933 හතරවන ලෝක ජම්බෝරිය ඕලන්දයේ වොප්ලන්සන් හිදී පැවැත්වීම.
  • 1941 බේඩ්න් පවල් තුමා කෙන්යාවේ දී ජනවාරි 08 දින අභාවප්‍රාප්ත වීම.
  • 1958 පළමු ගුවන් ජම්බෝරිය පැවැත්වීම.
  • 1971 ලෝක බාලදක්ෂ සාමාජිකත්වය ලැබු රටවල් ගණන 100 දක්වා වැඩි වීම.
  • 1977 ජුනි 25 දින බි.පි.තුමාගේ ආර්ය්‍ය ව වු ඔලෙව් මැතිණිය අභාවප්‍රාප්ත වීම.
  • 1979 ලෝක ජම්බෝරිය වර්ෂය ලෙස නම් කිරීම.
  • 1981 යුනෙස්කෝ සාම ප්‍රද්‍රනය ලෝක බාලදක්ෂ සංවිධානය ට හිමිවීම.
  • 1982 රොටරි ජාත්‍යන්තර සංවිධානයේ ගෞරව ප්‍රධානය ලෝක බාලදක්ෂ සංවිධානයට ලැබීම.
  • 1990 මොස්කව් නුවර බාලදක්ෂ තොරතුරු මධ්‍යස්ථානයක් ආරම්භ වීම.
  • 1997 බාලදක්ෂ 90 සංවත්සරය හා පළමු නිල අන්තර්ජාල ජම්බෝරිය පැවැත්වීම.
  • 2097 ලෝක බාලදක්ෂ ව්‍යාපාරයට සියවස සම්පූර්ණ වීම.
ලෝක ව්‍යාප්ත තරුණ සංවිධානයක් වන මෙය බාලදක්ෂ සංගමයේ රටවල් 216 ක් පිළිගත් බාලදක්ෂ සංගම් 166 කට අධික ප්‍රමාණයක් මිලියන 28 කට වඩා වැඩි සාමාජිිික පිරිසක්ටී සිටී.


~ ස්තූතියි! ~

" සුදානම් ව සිටිනු."
තවත් මෙවන් ලිපියකින් හමුවෙන තුරු 
ඔබ මෙම ලිපියෙන් යම් දැනුමක් ලබා ගත්තනම් comment , යාලුවන්ට share කරන්න අමතක කරන්න එපා.

බාලදක්ෂ නීතිය

    බාලදක්ෂ නීතිය