Thursday, March 11, 2021

මොකක්ද මේ බාලදක්ෂ කියන්නේ?

ආයුබෝවන්! සහෝදර/ සහෝදරියනි,

මොකක්ද මේ බාලදක්ෂ කියන්නේ?

බාලදක්ෂ කියන්නේ ලෝකය පුරාම විසිරී පවතින ලෝකයේ විශාලතම සංවිධානයයි. අද වන විට ඒ කියන්නේ 2021 වන විට මේ බාලදක්ෂ ව්‍යාපාරය ආරම්භ කරලා වසර 109 ක් පමණ වෙනවා.



 නමුත් මේ වනතුරු  බාලදක්ෂ ව්‍යාපාරය පිළිබඳ බහුතරයක් මිනිසුන් වැරදි අදහස් වල  ඉන්නවා. ඉතින් මෙන්න මේ හේතුව නිසා තමයි අද මම මේ ලිපිය මගේ පළමුවෙනි ලිපිය විදියට සටහන් කරන්න හිතුවේ. 

ගොඩක්  මිනිස්සු හිතන් ඉන්නේ බාලදක්ෂ වලින් කරන්නේ ගෙවල්වලට ගිහින්  ගෙවල්වල තියෙන කුණු අඳිනවා වගේ වැඩ කරනවා කියලා. හැබැයි ඔවුන් දන්නේ නෑ බාලදක්ෂ ව්‍යාපාරය කොහොමද ජිවිතේ ට වැදගත් වෙන්නේ කියලා. එලෙස ඒ හිතන පටු මානසිකත්වයෙන් මිදිලා පාසලේ විෂය සමගාමී ක්‍රියාකාරකමක් ලෙස මේ බාලදක්ෂ ව්‍යාපාරයේ සාමාජිකත්වය ලැබීම ද පුද්ගලයෙක් විදියට ලැබිය හැකි විශාල ජයග්‍රහණයක් කියලා තමයි මම හිතන්නේ.
 
ඉතින් අපි දැන් බලමු මොකක්ද? බාලදක්ෂ කියන්නේ කියලා ඔයාලට පොඩි අදහසක් ගන්නත් එක්ක.

 ගිල්වෙල්හි රොබට් ස්ටීවන්සන් ස්මිත් බේඩ්න් පවුල් නැත්තම් බී.පී.තුමා 1907 අගෝස්තු මස 01 වන දා සිට 09 දක්වා එංගලන්තයේ බ්‍රවුන්සි දුපතේ දී ප්‍රථම වරට බාලදක්ෂ කඳවුරක් පවත්වලා බාලදක්ෂ ව්‍යාපාරය ලෝකය පුරාම ප්‍රචලිත කිරීමට උත්සුක වුණා. මෙන්න මේ වගේ බී.පී.තුමා තම ජීවිත අත්දැකීම් ලොව පුරා සිටින තමයි සමඟ හුවමාරු කර ගැනීම සඳහා ආරම්භ කළ සංවිධානයක් ලෙස බාලදක්ෂ ව්‍යාපාරය හැඳින්වීමට පූළුවන්.


ඔන්න ඔය විදියට ගොඩනැගුණු මේ බාලදක්ෂ ව්‍යාපාරය අද වන විට ශ්‍රී ලංකාවේ ද පාසල් අතර ව්‍යාප්ත වී තිබෙනවා.

ඉතින් මේ බාලදක්ෂ ව්‍යාපාරය තුළින් විශේෂයෙන් ම පාසල් ශිෂ්‍ය ශිෂ්‍යාවන් හට අත්දැකීම් සමුදායක් ලබා ගැනීමට හැකි වෙනවා මෙන්ම අධ්‍යාපනික ජයග්‍රහණ, විනෝදාස්වාදය, ත්‍රාසජනක අත්දැකීම් වලට මුහුණ දීමට වැනි අවස්ථා රැසක් ලබා ගැනීමට හැකි වෙනවා. 

හරි මම හිතනවා මේ ලිපියෙන් පොඩි අදහසක් බාලදක්ෂ ව්‍යාපාරය ගැන දැනගන්න පුළුවන් වුණා කියලා.
ඒ වගේම මෙම ලිපියේ අඩුපාඩු බෝහෝමයක් ඇති ඒ ගැන නොසලකා මෙම ලිපිය බාලදක්ෂයකු වශයෙන් ඔයාලගේ පාසලේ හෝ වෙනත් පාසල් වල යහළුවන්ට share කරලා බාලදක්ෂ ව්‍යාපාරයේ සාමාජිකත්වය ලබා ගන්නා ලෙස කියන්න.ඒ වගේ ම ඔයාලට ඕනි තව බාලදක්ෂ ගැන දැනගන්න ඕනි විස්තර එහෙම තියෙනවා නම් comment එකක් දාන්න.
~ ස්තූතියි~

" සුදානම් ව සිටිනු" 

ඊළඟ ලිපියෙන් ආයෙත් හමූවෙමු.
  



3 comments:

බාලදක්ෂ නීතිය

    බාලදක්ෂ නීතිය